Welcome To MyMiniProWorld

System Analysis & Design



පද්ධති විශ්ලේෂ්ණය හා නිර්මාණකරණදී විවිධාකාර ආකෘතීන්ගේ සහය ලබා ගන්න අතර ඒවා මෙම පියවර සනුදාය ඒවාටම අවේනික වූ ආකාරයකින් අනුගමනය කරයි.

මෙම ක්‍රියා පටිපාටිය සලකා එම ආකෘතින් විවිධාකාර නම් වලින් හදුන්වාදිය හැකියි.එවනි එක් ආකෘතියක් Waterfall development model නැතහොත් Sequential development model .මෙම ආකෘතියේ නම කියවන විට ඔබට එහි ක්‍රියා පටිපාටිය පිලිබදව පැහැදිලි අදහසක් ගොඩනැගෙන්නට ඇතැයි සිතමි.ඒ මන්දයත් ස්වාභාවධර්මයයාගේ අනගිතම නිපැයුම වන දිය ඇල්ල ඔබ සියලු දෙනා දැක ඇති හෙයිනි.ඉහල කදු මුදුනෙන් පටන් ගන්නා දිය කඩ කදු හෙළ අතරින් පහලට ක්රමානකුලව ගලා හැලේ.මෙලෙස දිය කඩ ගලා යන්නාක් මෙන් එක් පියවරක් සම්පුර්නයේනම් හමාර කිරීමෙන් අනතුරුව අනෙක් පියවරට පා තබමින් ක්‍රමානකුල මාර්ගයක මෙයද ගමන කරයි.මෙම ආකෘතියේ ඒ ඒ පියවර අනුගමනය කරන අකාරය පහත රුපයේ දක්වා ඇත.



ඒ අනුව ප්‍රථම පියවර වශයෙන් ගැටලුව හා එහි අවශ්‍යතා හොදින් අවබෝද කර ගනී.අනතුරුව එහි සැබෑ ස්වරුපය විශලේෂණය කිරීම අරඹ කරයි.මෙම පියවරය අවසානයේදී ලැබෙන විශ්ලේෂිත අවශ්‍යතා සමුදාය උපයෝගී කරගනිමින් පද්ධතියේ නිර්මාණ කටයුතු ආරම්භ කරයි .මෙම අදියර ආරම්භ කල පසු පද්ධතිය සබැ ලෙස ගොඩ නැගීම සදහා යොමු වේ.අනතුරුව ගොඩනැගුනු පද්ධතිය පරීක්ෂණ කටයුතු සදහා යොමු කරන අතර අවසානයේ නඩත්තු කටයුතු සිදු කරනු ලබයි.


 
Copyright © ~~~MyMiniProWorld~~~ මුදිත ධර්මසේන