Welcome To MyMiniProWorld

WWW






World Wide Web හෙවත් විශ්ව ව්‍යාප්ත ජාලය යනු අන්තර්ජාලයේ ඇති තවත් එක සේවාවකි.එකිනෙකාට සම්බන්ධිත ලිපිගොනු ,චායාරුප හා වෙබ් පිටුවල එකතුවකි.එක ලිපි ගොනුවකට තවත් ලිපි ගොනුවක් සම්බන්ධ කිරීමට hyperlink නමින් හැදින්වෙන සම්බන්ධතා භාවිතා කරයි.

1980 වසරේ වන විට ටිම් බර්නර්ස් ලී (Tim Berners-Lee) නම් පරිගණක විශේෂඥයා විසින් එකිනෙකාට සම්බන්ධිත ලිපිගොනු සහිත දත්ත ගොනුවක් (Database) හා ඒවා හැසිර විය හැකි මුදුකාංගයක් නිපදවිය.1990 වසරේ දෙසැම්බර් මස වන විට ඔහු වෙබ් පිටු වලින් සම්බන්ධිත ජාලයකට අවශ්‍ය වන සියලුම අංග නිපදවා තිබුණි.එනම් එකිනෙකට සම්බන්ධ වෙබ් පිටු, එම වෙබ් පිටු පරිගණක ජාලයකට සම්බන්ධ කරන Server පරිගණක මෘදුකාංගය හා වෙබ් පිටු පරිගණක ජාලයක් ඔස්සේ ලබාගෙන නැරබිය හැකි වෙබ් පිරික්සුම් මෘදුකාංගය (Web Browser) ඔහු විසින් නිපදවා තිබුණි.පළමු වෙබ් පිරික්සුම් මෘදුකාංගයේ නම World Wide Web නමින් හැදින්විය.

පසුව World Wide Web යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කල අතර එය අන්තර්ජාලයේ ඔස්සේ දත්ත,ප්‍රවෘර්ති හා ලියකියවිලි හුවමාරු කර ගැනීම හා පරිගණක ලිපි ගොනු (Computer Files) අන්තර්ජාලය හරහා හුවමාරු කර ගැනීම එහි අරමුණ විය.1991 අගෝස්තු මස 6 වැනි දින මෙම ජාලය නොමිලේ භාවිත කල හැකි සේවාවක් නම් කිරීම නිසා එම දිනය එහි ආරම්භක දිනය ලෙස හැදින්වේ.ටිබි බ'රන්ර්ස් ලී විසින් නිර්මාණය කල මුල්ම වෙබ් පිටුව ලොව පළමු වෙබ් පිටුව වන අතර http://www.w3.org/History/19921103-hypertext/hypertext/WWW/TheProject.html යන වේබ් ලිපිනයේ මුල් පිටපතක් නැරබිය හැකිය.ලොව ප්‍රථම වෙබ් අඩවිය වූ CERN ආයතනයේ වේ අඩවිය www.info.cern.ch ලිපිනයේ අදත් නැරබිය හැකිය.විශ්ව ව්‍යාප්ත ජාලයේ උපතේ සිට සියලු විස්තර මෙම අඩවිය තුලින් ලබා ගත හැක.

World Wide Web යන්න කෙටි යෙදුමක් ලෙස WWW යනුවෙන් භාවිතා කලත් ,WWW යන්න උච්චාරණය දී World Wide Web යන්නට වඩා තුන ගුණයක් මාත්‍රා ඇත.එනම් කෙටි යෙදුම WWWඋච්චාරනය එහි මුල් යෙදුමට වඩා තුන් ගුණයක් අපහසුවිම හාස්‍යට කරුණකි.මෙම හේතුව නිසා ඇතමුන් 3W යනුවෙන් ද භාවිතා කරයි.

ටීම් බ'බර්නර්ස් ලි World Wide Web ව්‍යාපෘතිය අනතර්ජාලය සමග බද්ද කිරීමට ප්‍රදාන වශයෙන්ම දායක වූ පුද්ගලයාය.ඔහු විසින් රචනා කල Weaving the web නම් සුප්‍රසිද්ද ග්‍රන්ථයෙන් ඔහු අන්තර්ජාලය හා World Wide Web හි පවතී hypertext තාක්ෂනය එකිනෙකට ඇදීමේ ඇති වාසිය හුවා දක්වූ නමුත් කිසිදු වගකිය යුතු ආයතනයක් ඔහුගේ එම යෝජනාව භාර ගත්තේ නැත.පසුව ඔහු විසින් ම එම ව්‍යාපෘතිය ආරම්භ කල අතර ,ගෝලීය වශයෙන් තොරතුරු (වෙබ් පිටු ආදිය) හදුනා ගැනීමේ අනන්‍ය ක්‍රමයක් සහිත පද්ධතියක් නිර්මාණය කළේය.ඊට පෙර WWW ජාලයේ හා අන්තර්ජාලයේ තාක්ෂණික නොගැලපීම් කිහිපයක් විය.WWW ජාලය සදහා අවශ්‍ය වුයේ එක දිශාවකට පමණක් දත්ත යැවිය හැකි සම්බන්ධතාවයන් ය.මෙම ක්‍රමය අයිට්ට්හි කරුගේ අවසරයකින් තොරව තොරතුරු අනෙක් අයට ලබා ගත හැකි නිසා ආරක්‍ෂිත ක්‍රමයක් නොවිය.තවද එම ක්‍රමය වේබ් පිරික්සුම් () මෘදුකාංග නිපදවීමේදී ද ගැටළු ගෙන දුනි.යම සම්බන්දතාවයක් විසඳි වූ පසු දන ගැනීමේ හැකියාවක් ද නොමැති විය.විශ්ව ව්‍යාප්ත ජාලයට අයිතිකරුවෙකු නොමැති නිසා Server මෘදුකාංග සහ Client මෘදුකාංග (වෙබ් පිරිසුම් මෘදුකාංග) ස්වාදීනව ප්‍රවර්දනයට හැකි විය.

අතීතයේ පවතී ප්‍රසිද්ධ වෙබ් පිරික්සුම් මෘදුකාංගයක් වූ Viola WWW නම් වූ මෘදුකාංගය HyperCard තාක්ෂනය මත පදනම් විය.නමුත් එය අකුරු පමණක් දර්ශනය කරවන මෘදුකාන්ගයක් විය.1993 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික අධිපරිගනික යෙදුම් පිළිබද වූ මධ්‍යස්ථානය (National center for SuperComputing Applications) විසින් Mosaic නම් වෙබ් පිරික්සුම් මෘදුකාංගය නිපදවුවත් එය එතරම් ජනප්‍රිය වුයේ නැත.එය බොහෝ අන්තර්ජාලය හා බද්ද කිරීමේ දී එම මෘදුකාංගය භාවිත කල නොහැකි විය.

විශ්ව ව්‍යාප්ත ජාලයේ දී ප්‍රධාන සම්මතයන් තුනක් භාවිතා වේ.

URI (uniform Resource identifier) මෙය ජාලය තුල ඇති මුලාශ්‍ර ඇති ස්ථාන හදුනා ගැනීම සදහා අනන්‍ය ලිපිනයන් වන අතර එක් එක් වෙබ් පිටු සදහා වෙන වූ වෙනස් ලිපිනයන් ඇත.
HTTP (Hypertext transfer protocol) ජාලය භාවිත කරන්නා සතුව ඇති වෙබ් පිරික්සුම් මෘදුකාංගය හා ඔහු නරබන වෙබ් පිටුව ඇති Server පරිගණකය අතර සනිවෙදන කටයුතු කරන සම්මතය වේ.
HTML (Hypertext Markup Language) වෙබ් පිටු නිර්මාණය කිරීමේදී මෙම HTMLනම් වූ භාෂාවේ ඇති සම්මතයන්ට අනුව නිර්මාණය කරයි.එම වෙබ් පිටුව නරබන වෙබ් පිරික්සුම් මෘදුකාංගය එම සමතයන්ට අනුව හැඩතල ,වගු,අකුරු,වර්ණ හා චායාරුප ප්‍රදර්ශනය කරයි.

1993 අප්‍රේල් මස 30 වැනි දින CERN ආයතනය නිවේදනයක් අගින් විශ්ව ව්‍යාප්ත ජාලය ඕනෑම අයෙකුට නොමිලේ සම්බන්ධ විය හැකි බව ප්‍රකාශ කළේය.මේ සමගම එහි ව්‍යාප්තිය ද වේගවත් විය.1994 වසරේ පළමු අන්තර්ජාතික වෙබ් සමුළුව පැවත් වූ අතර එහිදී වෙබ් ජාලය නොමිලේ භාවිතා කිරීම පිළිබද අවසරය සම්මත කල අතර ඉන්පසු සැම වසරකට වරක්ම මෙම සමලුව පැවැත් වේ.

Yahoo Search Engine.



 ඔබට අවශ්‍ය වෙබ් පිටුවක් වඩාත් ඉක්මනින් සහ පහසුවෙන් සොයා ගත හැකි මග කුමක්ද?ඒ සදහා සෙවුම් යන්ත්‍රයක (Search Engine ) පිහිට පැතීමට ඔබට සිදු වනු ඇත.ජනප්‍රියතාවෙන් ඉහල තලයේ වැජබෙන සෙවුම් යන්ත්‍ර 2 ක් ලොව පවතියි.ඒ යාහූ සහ ගුගල් යන සෙවුම් යන්ත්‍ර 2යි.

1994 වසරේ ජනවාරි මස ඩේවිඩ් ෆිලෝ (David Filo)හා ජෙරී යැන්(Jerry yang) යන විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා විසින් බිහිකළ යාහු සෙවුම් යන්ත්‍රය අද වන විට අන්තර්ජාලයේ වැඩියෙන්ම භාවිතා වන වෙබ් පිටුව බවට පත්ව ඇත.2005 ඔක්තෝබර් මස දී එහි දෛනික නැරබිම් ගණන බිලියන 3.4 ක් විය.යාහු හි ඉමහත් සාර්ථකත්වයට හේතුව එමගින් සපයනු ලබන උසස් ඊ-තැපැල් සේවාව (E-mail) හා යාහු මැසෙන්ජර් (yahoo Messenger) ප්‍රමුඛ අනෙකුත් විද්‍යුත් සේවාවන් ප්‍රමාණයයි.
යාහු යන නම බිහිවීම සම්බන්දයෙන් විවිධ මත පවතී.නමුත් එහි නිර්මාපකරුවන් පවසන්නේ එය සුප්‍රසිද්ධ “ගලිවර්ගේ චාරිකා” වෘතයන්ගෙන් උපුටා ගත්තක් බවයි.එම නම මගින් හැගෙන සරල සතුට දනවන එහෙත් කාර්යක්ෂම හැගීමට ඔවුන් ප්‍රිය කරන බව ෆිලෝ හා යැන් පවසයි.යාහු හි ජනප්‍රියතාවය ඉහල යත්ම එමගින් සපයනු ලබන සේවාවන්හි පරාසය ද ඉහල ගොස් ඇත.කලින් පැවසු ලෙසම යාහු හි සාර්ථකත්වයට මුලිකම සාධකයද එයයි.වෙබ් පිටු පදනම් වූ ඊ-තැපැල් සේවාව ඉක්මන් පණිවුඩ යැවීම සදහා මෙන්ම හිත මිතුරන් සමග කතාබහේ යේදීමට වෙන වූ යාහු මැසෙන්ජර් ඇති ජනප්‍රිය යාහු කණ්ඩායම් (Yahoo Groups) අන්තර්ජාල ක්‍රීඩා,උණුසුම් පුවත් ,අන්තර්ජාල වෙලදාම් සහ අන්තර්ජාල වෙන්දේසි යනාදී වශයෙන් අනෙක විද සේවාවන් යාහු මගින් සපයයි.
මෙවැනි බොහෝ සේවාවන් යාහු මගින් අත්පත් කරගත් ඒවා වේ.කලින් වෙනත් සමාගම් මගින් පවත්වා ගෙන යනු ලැබූ නොයෙකුත් සේවාවන් යාහු මගින් මිලට ගෙන එක්තැන් කොට යාහු නම යටතේ ඉදිරිපත් කිරීම බොහෝ විට සිදු වේ.මෙයට එම සේවාවන්හි මුල් පාරිබෝගිකයන් අකමැත්ත පල කල ද එම සේවාවන්හි ජනප්‍රියත්වය හා සිත ඇදගන්නා සුළු බව මගින් විශාල කාර්යක් ඉටු කරයි.


එසේම යාහු හා අන්තර්ජාල ක්ෂේත්‍රයේ දැවැන්තයන් අතර පවතින සබදතාවයන්ද බොහෝය.එමගින් එය ග්‍රාහකයින්ට අධිවෙගී කාර්යක්‍ෂම සේවාවන් සැපයීමට යාහු සමාගමට හැකි වී ඇත.ඊට අමතරව අන්තර්ජාලයේ ජනප්‍රියම ඊ-බේ (E-Bay) වෙන්දේසි සමාගම සමග ද යාහු සමාගම එකගතාවයක් ඇති කර ගැනීමට උත්සහ කර ඇති බවට වාර්ථා වේ.වසර 2000 සිට මේ දක්වා වූ කාලය තුල ලොව පැවති සෙවුම් යන්ත්‍ර ගණනාවක්ම යාහු මගින් මිලට ගන්න ලදී.එනිසාම වසර 2004 දී ගුගල් සමාගම සමග පැවති එකගතාවය අවසන් කර තමන්ගේම සෙවුම් පද්ධතියක් බිහිකිරමට යාහු සමාගම සමත් විය.


 
Copyright © ~~~MyMiniProWorld~~~ මුදිත ධර්මසේන