Welcome To MyMiniProWorld

Multitasking(Time sharing) Systems





බහුක්‍රමලේකගත සමුහ පද්ධති මෙන්ම මෙවන් පද්ධති ද කාර්යය කිහිපයක් සසම්භාවී ප්‍රවේශ මතකයේ තබාගෙන වාදයෙන් වදයට මාරු වෙමින් ක්‍රියාත්මක කරයි.වාදයෙන් වදයට මාරුවීම ඉතා ශීග්‍රයෙන් සිදුවන නිසා භාවිතාකරුට සියලුම කාර්යය එකවර සිදුවන්නා සේ පෙනේ.මේ හේතුවෙන් මෙවන් පද්ධති වල භාවිතාකරුට කාර්යයන් නිමවන තුරුම බලා නොයිද කාර්යය අතර තුර ඒවායේ අතුර ඒවායේ අතුරු ප්‍රතිපල  දැනගැනීම අමතර දත්ත සැපයීම වැනි ක්‍රියාවලි සමග ගනුදෙනු කිරීමේ මන් සැලසේ.

පරිගණකයක් හරහා ගීතයකට සවන් දෙමින් ලිපියක් යතුරු ලියනය කරන අවස්තාවක් මිට කදිම නිදසුනකි.මෙහිදී ගීතය වාදනය කිරීමට අදාලව ක්‍රියාවලිය හා ලිපිය සැකසීමට අදාළ ක්‍රියාවලිය යන දෙකම මධ්‍යම සැකසුම් ඒකකය මගින් ඉතා ශිග්‍ර ලෙස මාරුවෙන් මාරුවට ක්‍රියාත්මක කරන නවුන් භාවිතාකරුට බාදා වකින් තොරව ගීතය රසවිදිමින් ලිපිය සැකසීමට ඉඩ සැලසේ..
මෙවන් පද්ධතිවල  සාමාන්‍යයෙන් යතුරු පුවරුව හා මුසිකය(Mouse) ආදාන උපකරණය ලෙසත් සංදර්ශකය ප්‍රතිදාන උපකරණ ලෙසත් භාවිතා වේ.
මේ ආකාරයේ පද්ධති දේ ආකාරයටම වඩා බොහෝ සංකීර්ණ වේ.භාවිතාකරුවන්ට දත්ත හා ක්‍රමලේකනය පහසුවෙන් හා කාර්යක්ෂම හැසිරවීමට ඉඩ ලබාදීමට ඉඩ ලබාදීම සදහා සජීවී ගොනු පද්ධතියක්(Online file sharing) අවශ්‍ය වේ.ගොනු පද්ධතිය මත රද පවතින්නේ දෘඩ තැටි පද්ධතියක් මත නිසා දෘඩ තැටි කළමනාකරණ පද්ධතියක අවශ්‍යතාව පැන නගී.
කාර්යය කිහිපයක් එකවර ක්‍රියාත්මක වන නිසා එම ක්‍රියාවලි අතර ක්‍රියාවලි සමමුහුර්තනය(Process Synchronization) අන්තර් ක්‍රියාවලි සන්නිවේදනය(Inter process communication) හා ක්‍රියාවලි ක්‍රියාවලි අතර අන්‍යෝන්යාගුලු වැටීම්(Deadlocks) මග හරිම යන ක්‍රියාකාරකම් ගැන ද මෙහෙයුම් පද්ධතිය සැලකිලිමත් විය යුතුය.
බොහෝවිට මෙවන් පද්ධතිවල භාවිතාකරුවන් එක අයෙකුට වඩා පද්ධතිය භාවිතාකිරීමේ පහසුව ලබා දේ.එම පහසුව සහිත පද්ධතිය බහු භාවිත((Multi-User) පද්ධති ලෙස හැදින වේ, පද්ධතියේ රදවාගෙන ඇති ගොනු වල හිමිකරුවන් විවිධ විය හැකි නිසා එක් එක් භාවිතාකරුට හැසිරවිය හැකි ගොනු මොනවාදැයි පාලනය කිරීමේ වගකීමද මෙහෙයුම් පද්ධතිය මත පැවරේ.

සසම්භාවී ප්‍රවේශ මතකයේ එකවර තබාගැනීමට නොහැකි තරම් විශාල කාර්යය ක්‍රියාත්මක කිරීමේ මගක ලෙස මෙම පද්ධති අභෞතික මතකය(Virtual Memory) භාවිතා කරයි.(සසම්භාවී ප්‍රවේශ මතකයට භෞතික යන යෙදුමද භාවිතා කෙරේ) . අභෞතික මතකය යනු දෘඩ තැටිය මගින් ලැබෙන ද්විතික මතකයෙන්(Secondary storage) කොටසක් සසම්භාවී ප්‍රවේශ මතකය ලෙස යොදා ගැනීමට සකසා ගත් ක්‍රමවේදයකි.

අභෞතික මතකය ක්‍රියාවට නැගීමේදී මතක පිටු හුවමාරුව(Pagging) හා කාර්යය හුවමාරුව()Swapping) යන ක්‍රියාවලි දෙක අවශ්‍යය වේ.මතක පිටු හුවමාරුව යනු දැනට ක්‍රියාත්මක වන කාර්යයකට අවශ්‍ය සසම්භාවී ප්‍රවේශ මතකයේ රදවා ගෙන නැති දත්ත හෝ විදාන අභෞතික මතකයෙන් සසම්භාවී ප්‍රවේශ මතකය වෙත ගෙන ඒමේ ක්‍රියාවලියකි.කාර්ය හුවමාරුව යනු දැනට ක්‍රියාත්මක වන කාර්යයන් සසම්භාවී ප්‍රවේශ මතකයෙන් තාවකාලිකව ඉවත් කර වෙනත් කාර්යයන් සසම්භාවී ප්‍රවේශ මතකය වෙත ගෙන ඒමයි.

 
Copyright © ~~~MyMiniProWorld~~~ මුදිත ධර්මසේන