Welcome To MyMiniProWorld

Showing posts with label Microcontroller. Show all posts
Showing posts with label Microcontroller. Show all posts

IC-Prog මෘදුකාංග හැඩගැස්වීම.




ගියවර ලිපියෙන් ඔබට Microcontroller වැඩසටහන්කරණය පිලිබදව දළ අවබෝදයක් ලබා දෙන ලදී.මෙවර ලිපිය වෙන්වන්නේ අප මිට මෙර සකස් කරගත් PIC 16F84A device programmer උපකරණයේ භාවිතය පිලිබදව යම්  අවමබෝදයක් ලබා දීමටයි.මේ සදහා භාවිත කල හැකි උපයෝග මෘදුකාංගයක් පසුගිය ලිපි පෙලින් හදුන්වා දෙන ලදී.
එය IC-Prog programmer නම් මෘදුකාංගයයි. මෙම මෘදුකාංගය බාගත කල හැකි අන්තර්ජාල ලිපිනයක් ද ලබා මදන ලදී.ඔබ එම ලිපිනය පිරික්සුවෙ නම් එහි ෆයිල්ස් කිහිපයක නම් සදහන් කර ඇති ආකාරය දැක ගැනීමට හැකි වනු ඇත.අපගේ කාර්යය සදහා අවශ්‍ය වන්නේ පහත දැක්මවන Files කිහිපයයි.

√   IC-prog software 1.05 D Multi-Lingual.
√   IC-prog NT/2000 driver.
√   Help File in English language.

මෙලෙස Files බා ගැනීම කරණ අවස්ථාමේ පවතින්නේ Zip Files ලෙසය .ඒවා නියෙ ස්වරුපයට පත් කර ගැනීම සදහා WinRAR හෝ WinZip වැනි මෘදුකාංගයක් භාවිතා කර unzip කරගැනීමට සිදුවෙ.මෙම files තුනම එකම ස්ථානයට unzip කරන්න.උදාහරණයක් ලෙස C:\MCU Prog යන ස්ථානය සලකා බලන්න.දැන් ඔබගෙ එම directory එකෙහි icprog.exe,icprog.sys,icprog.chm යන ෆයිල්ස් තුන දිස්විය යුතුය. මීලගට icprog.exe එක ධාවනය කරන්න.එවිට ඔබට පහත රූපසටහනෙන් දැක්වෙන Window එක දිස්වනු ඇත.


මීලගට ඔබ කල යුත්තේ මෙම මෘදුකාංගය ඔබගෙ පරිගණක මෙහෙයුම් පද්ධතියට අනුගත වන ලෙස සකස් කිරීමයි.මේ සදහා Main Menu හි Settings යන Menu එකෙහි Options යන්න තෝරාගන්න.එවිට ඔබට Options Window එක දිස්වනු ඇත.මෙයින් misc යන tab එක මතෝරා ගන්න.එවිට ලැමබන window එකෙහි රූපසටහනක් පහත ආකාරයට දිස්වනු ඇත..


ඔබගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය windows NT,2000 හෝ xp නම් Enable NT/2000/XP driver යන කොටුව Click කරන්න.එවිට එහි හරි ලකුණක් වැටි මෘදුකාංගය නැවත පණ ගැන්වීමේ අවශ්‍යතාව මතු කරනු ඇත.ඒ සදහා ඔබ ඉඩ දිය යුතුය.

Microcontroller වැඩසටහන්කරණ ක්‍රියාවලිය.




මෙම ක්‍රියාවලිය සාමාන්‍ය පරිගණක වැඩසටහන්කරණය සමග සැසදුවහොත් ඔබට පහත දැක්වෙන නිරීක්‍ෂණයන් සිදු කල හැකිය.
සාමාන්‍ය වැඩසටහන්කරණයේදී ඔබ java , C++ වැනි යම් පරිගණක භාෂාවක් භාවිතා කරමින් පළමුව වැඩසටහන් පිළියෙළ කරයි.මෙය ඔබට කියවා තේරුම් ගත හැකි (human language) තත්වයේ පවතී.
ඔබගේ මීලග පියවර වන්නේ මෙලෙස සම්පාදනය කරණ ලද ඔබගේ පරිගණකයට තේරුම ගත හැකි (machine readable) තත්වයට පරිවර්තනය කිරීමයි.මෙලෙස පරිවර්තනය කිරීම Compile කරනවා යනුවෙන් හදුන්වයි.ඒ සදහා භාවිතා කරණ පරිවර්තකයා Compiler ලෙසින් හදුන්වයි.
මෙලෙස සකස් කරගත් වැඩසටහන එම පරිගණකයේ ධාවනය කිරීමට හැකි තත්වයේ පවතී.(ඇතැම් පරිඝණක භාෂාවන් සදහා මෙම ක්‍රියාවලිය වලංගු නොවේ. )
Microcontroller වැඩසටහන්කරනදී ද භාවිත කරන්නේ මිට සමාන වූ ක්‍රියාවලියකි.එහෙත් මෙහිදී ඇති විශේෂත්වය නම් සම්පාදනය කරණ ලද වැඩසටහන පරිගණකයෙන් පරිභාහිරව ඉහත සදහන් කල උපකරණය තුල තැන්පත් කල යුතු නිසා, අමතර ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට සිදුවීමයි.
පහත දක්වෙන්නේ එම සම්පුර්ණ ක්‍රියාවලිය පිළිබද දල විස්තරයකි.
  1. පරිගණකය භාවිතයෙන් වැඩසටහනක් සම්පාදන කිරීම.:

    ඔබ සාමාන්‍ය වැඩසටහන්කරණයේදී භාවිතා කරණ පරිගණක භාෂාවන් (java , C++ වැනි ) ඒ අයුරෙන්ම Microcontroller වැඩසටහන්කරණය සදහා භාවිතා කල නොහැකිය.මිට හේතුව නම් Microcontroller උපාංගය සලසා දෙන විධානයන් (instructions) දත්ත ආකාරයෙන් (data types ) වැනි යම් ලක්ෂණ පරිගණකයේ එවැනි ලක්ෂණ වල මුහුණුවරයන්ගෙන් වෙනස් වීමයි.අපගේ සරල අත්හදාබැලීම සදහා මා යොදා ගත්තේ assembly නම් පරිගණක භාෂාවයි.මෙය low level language නම් පරිගණක භාෂා වර්ගයට අයත් වේ.ඊට හේතුව නම් එය බොහෝදුරට අපට වඩා පරිගණකයට තේරුම ගත හැකි තත්වයේ පැවතීමයි.

  2. සම්පාදනය කරගත් වැඩසටහන Compile කර ගැනීම.

    assembly භාෂාවෙන් සකස් කල වැඩසටහන මීලගට Microcontroller උපාංගයට තේරුම් ගත හැකි , එනම් 1 සහ 0 තත්වයට පත්කර ගත යුතුය.මේ සදහා අප භාවිතා කරන්නේ MPASM Assembler නම් පරිවර්තකයයි.මෙය පහත දැක්වෙන අන්තර්ජාල ලිපිනයෙන් ලබා ගත හැක.

    http://www.microchip.com/

    මෙලෙස පරිවර්තනය කරගත් පසු අපට ලැබෙන්නේ 1 සහ 0 නියෝජනය වන ලෙස සම්පාදිත hexadecimal ආකාරයේ පවතින file එකකි.මීලගට Microcontroller උපාංගය තුල තැන්පත් කිරීම.

  3. Device Programmer උපකරණය යොදා ගෙන, සම්පාදිත වැඩසටහන Microcontroller උපාංගය තුල තැන්පත් කිරීම.

    ඉහත දෙවන පියවරේදී අපට ලැබුණු hexa-decimal file එක Microcontroller උපාංගය තුල තැන්පත් කිරීම සදහා (මෙම ක්‍රියාවලිය chip burning ලෙසින් හදුන්වයි ) .මෙහිදී Microcontroller උපාංගයක් සදහා වැඩසටහන් තැන්පත් කර ගැනීමට භාවිතා කල හැකි jdm programmer හෙවත් device programmer හෙවත් Chip burner නම් උපකරණයක් මෙන්ම , එම උපකරණය ක්‍රියාත්මක කරවිම සදහා උපයෝග මුර්දුකාංගයක් ic-prog programmer නමින් හදුන්වයි.මෙය පහත දැක්වෙන අන්තර්ජාල ලිපිනයෙන් ලබා ගත හැක.

    http://www.ic-prog.com/index.htm

 
Copyright © ~~~MyMiniProWorld~~~ මුදිත ධර්මසේන