Welcome To MyMiniProWorld

Linux installing part 2



පසුගිය ලිපියේ Partition නොකළ අවකාශයක් සාදා ගත් බව ඔබට මතක ඇති.Linux install කිරීමට ප්‍රථම අපි සාදා ගත් Partition නොකළ පෙදස භාවිතා කර ලිනක්ස් Install කිරීමට අවශ්‍ය partition සදා ගනිමු.මේහිදී Ram එක යමන් දෙගුණයක් වන Swap ආකාරයේ Partition එකක් 2 GB වලට වැඩි වූ ext3 ආකාරයේ Partition එකක් සදා ගත යුතුය.Swap partition එක අත්‍යවශ්‍ය නැති වූව ද ext3 ආකාරයේ partition එකක් තිබීම අනිවාර්ය වේ.
පළමුවේන්ම swap ආකාරයේ partition එකක් සාදා ගනිමු.ඒ සදහා ඔබෙ Ram එක මෙගාබයිට් 128 නම් මෙගාබයිට් 256 ප්‍රමාණයක් භාවිතා කරන්න .සාදාගත් Un-partitioned space එක මත right click කර edit තෝරාගන්න .එවිට පහත දක්වා ඇති පරිදි Dialogue box එකක් දිස්වනු ඇත.එහි new partition යන තැනට ඔබෙ ram එක මෙන් දෙගුණයක් වූ අගයක් ඇතුලත් කරන්න.




Use as යන තැනට swap යන්න තෝරා දෙන්න .ඉන්පසුව ok කරන්න .අනතුරුව ඉතිරි partition නොකළ අවකාශය ව මත right click කර edit යන්න තෝරාගන්න .දැන් ඔබට පහත රුපයේ පරිදි Dialogue box එකක් ලැයබනු ඇත.එහි partition site කියන තැනට ඉතිරි සම්පුර්ණ අවකාශයම සටහන් වි ඇති බව දිස්වනු ඇති.

ඔබට තවත් අමතර partition අවශ්‍යය නොවේ නම්  එම ප්‍රමාණය වෙනස් නොකර තබන්න .ඉන්පසුව use as යන තැනට  ext3 යන්න තෝරා ගන්න .

Menu point කියන තැනට “ / ” තෝරාදෙන්න .drop down මේනු ඒකෙන් “ / ” ය නොමැති නම් ඔබ keyboard එක භාවිතයෙන් එය සටහන් කරන්න .partition සකස් කිරීම දැන් අවසානය.දැන් Forward press කරන්න .



ඊලග  පියවරේදී ඔබ ගේ windows වල home folder එකේ ඇති දත්ත ලි නක්ස් වල home එකට ආනයනය කිරීමේ අවස්ථව ලබා දී ඇත.අවශ්‍ය නම් windows වල home folder එකම එහිදී සලකුණු කරන්න .අවශ්‍ය කරන windows හි භාවිතා කල password හා username ද ඇතුලත් කරන්න.ඉන්පසු ඊළඟ පියවරට යන්න
 .
එහිදී ඔබෙ password හා username එක සහ පරිගණකයේ නම යන හිස් තැන් සම්පුර්ණ කර Forward කරන්න..එවිට ,ඔබ මෙතෙක් සිදු කල සියලු කටයුතු සංශිප්ත කර දක්වනු ඇත.එය හොදින් කියවා බලා එහි වරදක් නොමැති නම් ඊලග පියවර වන install කිරීම ඇත්ත වශයෙන් ආරම්භ කිරීම සිදු කල හැකිය.



අවසානයේ දී windows වල භාවිතා වන boot loader එක වන NT loader වෙනුවට මෙහිදී Grub loader එක install ව අතර windows වලට හා දැනට install වී ඇති සියලු operating systems වලට ම ඇතුළු විය හැකි ආකාරයේ multiboot menu එකක් ඔබට restart කල විට දැක ගත හැකි වනු ඇත.
Ubuntu install කිරීමෙ‍දී ඒ පිලිබදව කිසිදු බියක් ඇති කර ගත යුතු නොවන අතර default install වීම multiboot ආකාර වෙ.


Partition සකස් කිරීමේදී එහි windows partition වෙනසක් නොකරන්නේ නම් නැවත windows boot කර ගැනීමට ඔබට පුළුවන .කුමන හේතුවක් නිසා හෝ ඔබ install කිරීම අතරමග නතර වුයේ නම් ඔබට windows වලට හෝ linux වලට boot වීමට  නොහැකි වනු ඇත.සරලව විසදුම නම් නැවත ubuntu install කිරීමයි.එවිට windows වලට හා ලිනක්ස් වලට ඇතුලත් විය හැකි boot menu එකක් ඔබට දිස් වනු ඇති.


කියවපු හැමෝටම බොහොම ස්තුතියි....
අවසානය----
 
Copyright © ~~~MyMiniProWorld~~~ මුදිත ධර්මසේන