Welcome To MyMiniProWorld

Linux Installing part 1






Ubuntu අලිත්ම බෙදාහැරීම ඉන්ස්ටෝල් කිරීම් තරමක් දුරට වෙනස් කරලා.ඉතින් මට හිතුනා උබුන්ටු පරිශීලකයෙක් විධියට ලිනක්ස් ඉන්ස්ටෝල් කරන ආකාරය ගැන ලියන්න ඕනේ කියලා.ලිනක්ස් disto ගැන කතා කරන කොට සියලුම ලිනක්ස් අතරින් වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ Linux Mint, Ubuntu,Fedora distribution 3 නේ .Linux Mint කියන්නෙත් Ubuntu මත පදනම් වෙච්ච එකක්.ඒ වාගේම සාමාන්‍ය පුරුදු desktop and menu හා ඉතා පහසුවෙන් බාවිතා කල හැකි අකාරයෙන් එහි configuration tools සකසා තිබීමයි.මම ඉහත සදහන් කල 3 න් අලුතෙන් ලිනක්ස් වලට එන්න හිතන් ඉන්න කෙනෙකුට හොදම එක විදියටත් Linux Mint සුදුසුයි.Fedora කියන්නේ Linux Mint, Ubuntu වලට වඩා ටිකක් සංකිර්ණ එකක්.නොකද මේක enterprise මට්ටමේ distribution එකක් නිසා.හරි අපි දැන් බලමු උබුන්ටු භාවිත කරන්නේ කොහොමද කියලා.




Ubuntu ඉන්ස්ටෝල් කිරීමේදී අනුගමනය කල යුතු පියවර 6 තියෙනවා.


1).Install කිරීම අතරතුර බාවිත‍ා කරන භාෂාව තේරීම .
2).සිටින නගරය සහ TimeZone එක තේරීම.
3).Keyboard layout එක තේරීම.(සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ භාවිතා කරන්නේ U.S English layout එකයි.)
4).Hard Disk එක Partition සකසන ආකාරය තේරීම සහ Partition සැකසීම.
5).Window වල ඇති ඔබේ ලිපි ගොනු import කර ගැනීම.
6).Username , Password ඇතුලත් කිරීම.


පළමු පියවරේ සිට කරගෙන ආ සියලු Configuration බලා ගැනීම සහ ස්ථිරවම Apply කිරීම.පලනු පියවරේදී ඔබේ install කිරීම අතරතුර බාවිතා කිරීමට කැමති භාෂාවක් තොරා ගන්න.මේ සදහා English තෝරා ගන්න.ඉන් පසුව Forward button එක press කරන්න .


තෙවැනි පියවරේදී ඔබට Keyboard layout එක තෝරා ගැනීමට අවස්තාව ලැබෙන අතර ඒ සදහා U.S English තෝරා ගන්න.



හතරවන පියවරේදී ඔබේ hard disk එකේ partition අවශ්‍ය පරිදි සකස් කිරීමේ අවස්තාව ලබා දේ.මෙම පියවර ඉතා වැදගත් වන අතර partition සකස් කිරීමේ අවශ්‍යතාව අනුව තෝරා ගන්න.Manual තෝරා ගැනීම මගින් ඔබේ අවශ්‍යතාවට සරිලන ආකාරයට ඔබ විසින්ම සකසා ගත හැකිය.Something else ආකාරය මගින් ඔබේ hard disk එකේ partition නොකළ පෙදෙස හා linux වලට මිතුරු ආකාරය Partition එකතු කර අවශ්‍ය Root Partition එක සාදා ගනී.Manual use ,entire disk ආකාරයේ Hard disk එක සම්පුර්ණයෙන්ම ලිනක්ස්වලටම අවශ්‍ය පරිදි සකසා ගනී.Manual තෝරාගැනීම වඩා සුදුසුය.

ඉන් පසුව Forward press කරන්න.Hard disk එකේ Partition පිහිටුම ඔබට දන ගත හැකි වනු ඇත.Hard disk එකේ Partition නොකළ පෙදෙසක් ඇත්නම් එම අවකාශය Ubuntu install කිරීමට ප්‍රමානවත් නම් එනම් Ram එක මෙන් දෙගුණයක් වන swap Partition එකක් සහ 2 GB වලට වැඩි ext3 partition එකක් සැදීමට ප්‍රමාණවත් නම් එම Partition නොකළ අවකාශය භාවිතා කල හැකිය .එසේ නොවේ නම් වෙනත් partition එකක් Delete කර අවශ්‍ය Partition නොකළ පෙදෙසක් භාවිතා කල යුතුය.


ඉතිරි කොටස Linux installing part 2 බලන්න....
කියවපු හැමෝටම බොහොම ස්තුතියි....
 
Copyright © ~~~MyMiniProWorld~~~ මුදිත ධර්මසේන