Welcome To MyMiniProWorld

Yahoo Search Engine.



 ඔබට අවශ්‍ය වෙබ් පිටුවක් වඩාත් ඉක්මනින් සහ පහසුවෙන් සොයා ගත හැකි මග කුමක්ද?ඒ සදහා සෙවුම් යන්ත්‍රයක (Search Engine ) පිහිට පැතීමට ඔබට සිදු වනු ඇත.ජනප්‍රියතාවෙන් ඉහල තලයේ වැජබෙන සෙවුම් යන්ත්‍ර 2 ක් ලොව පවතියි.ඒ යාහූ සහ ගුගල් යන සෙවුම් යන්ත්‍ර 2යි.

1994 වසරේ ජනවාරි මස ඩේවිඩ් ෆිලෝ (David Filo)හා ජෙරී යැන්(Jerry yang) යන විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා විසින් බිහිකළ යාහු සෙවුම් යන්ත්‍රය අද වන විට අන්තර්ජාලයේ වැඩියෙන්ම භාවිතා වන වෙබ් පිටුව බවට පත්ව ඇත.2005 ඔක්තෝබර් මස දී එහි දෛනික නැරබිම් ගණන බිලියන 3.4 ක් විය.යාහු හි ඉමහත් සාර්ථකත්වයට හේතුව එමගින් සපයනු ලබන උසස් ඊ-තැපැල් සේවාව (E-mail) හා යාහු මැසෙන්ජර් (yahoo Messenger) ප්‍රමුඛ අනෙකුත් විද්‍යුත් සේවාවන් ප්‍රමාණයයි.
යාහු යන නම බිහිවීම සම්බන්දයෙන් විවිධ මත පවතී.නමුත් එහි නිර්මාපකරුවන් පවසන්නේ එය සුප්‍රසිද්ධ “ගලිවර්ගේ චාරිකා” වෘතයන්ගෙන් උපුටා ගත්තක් බවයි.එම නම මගින් හැගෙන සරල සතුට දනවන එහෙත් කාර්යක්ෂම හැගීමට ඔවුන් ප්‍රිය කරන බව ෆිලෝ හා යැන් පවසයි.යාහු හි ජනප්‍රියතාවය ඉහල යත්ම එමගින් සපයනු ලබන සේවාවන්හි පරාසය ද ඉහල ගොස් ඇත.කලින් පැවසු ලෙසම යාහු හි සාර්ථකත්වයට මුලිකම සාධකයද එයයි.වෙබ් පිටු පදනම් වූ ඊ-තැපැල් සේවාව ඉක්මන් පණිවුඩ යැවීම සදහා මෙන්ම හිත මිතුරන් සමග කතාබහේ යේදීමට වෙන වූ යාහු මැසෙන්ජර් ඇති ජනප්‍රිය යාහු කණ්ඩායම් (Yahoo Groups) අන්තර්ජාල ක්‍රීඩා,උණුසුම් පුවත් ,අන්තර්ජාල වෙලදාම් සහ අන්තර්ජාල වෙන්දේසි යනාදී වශයෙන් අනෙක විද සේවාවන් යාහු මගින් සපයයි.
මෙවැනි බොහෝ සේවාවන් යාහු මගින් අත්පත් කරගත් ඒවා වේ.කලින් වෙනත් සමාගම් මගින් පවත්වා ගෙන යනු ලැබූ නොයෙකුත් සේවාවන් යාහු මගින් මිලට ගෙන එක්තැන් කොට යාහු නම යටතේ ඉදිරිපත් කිරීම බොහෝ විට සිදු වේ.මෙයට එම සේවාවන්හි මුල් පාරිබෝගිකයන් අකමැත්ත පල කල ද එම සේවාවන්හි ජනප්‍රියත්වය හා සිත ඇදගන්නා සුළු බව මගින් විශාල කාර්යක් ඉටු කරයි.


එසේම යාහු හා අන්තර්ජාල ක්ෂේත්‍රයේ දැවැන්තයන් අතර පවතින සබදතාවයන්ද බොහෝය.එමගින් එය ග්‍රාහකයින්ට අධිවෙගී කාර්යක්‍ෂම සේවාවන් සැපයීමට යාහු සමාගමට හැකි වී ඇත.ඊට අමතරව අන්තර්ජාලයේ ජනප්‍රියම ඊ-බේ (E-Bay) වෙන්දේසි සමාගම සමග ද යාහු සමාගම එකගතාවයක් ඇති කර ගැනීමට උත්සහ කර ඇති බවට වාර්ථා වේ.වසර 2000 සිට මේ දක්වා වූ කාලය තුල ලොව පැවති සෙවුම් යන්ත්‍ර ගණනාවක්ම යාහු මගින් මිලට ගන්න ලදී.එනිසාම වසර 2004 දී ගුගල් සමාගම සමග පැවති එකගතාවය අවසන් කර තමන්ගේම සෙවුම් පද්ධතියක් බිහිකිරමට යාහු සමාගම සමත් විය.


 
Copyright © ~~~MyMiniProWorld~~~ මුදිත ධර්මසේන