Welcome To MyMiniProWorld

Variable Declaration-java



අප පරිගණක වැඩසටහනක් ලියා එමගින් බෝහෝ විට දත්ත හැසිරවීම කරනු ලබයි. දත්ත හැසිරවීම ලෙස යම් අගයක් දෙකක් එකතු කර එම අගයන් එකතු කිරීමේන් ලැබෙන ප්‍රතිපලය නැවත ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වන්නට පුළුවන්,නම,ගම අතුලත් විස්තරයක් තිරයේ දර්ශණය වනවා වන්නට පුළුවන්.මෙසේ කිරීමෙන් බොහෝ විට අපට පරිගණකයේ පවතින මතක කොටස නොහොත් RAM(Random Access Memory) නමැති උපාාංගය අවශ්‍ය පරිදි යොදා ගත යුතුය.
මේ ක්‍රියාවලිය මැනවින් තහවුරු කිරීම සදහා ඔබගේ අවදානය රූපසටහන වෙත යොමු කරමු.එම පරිගණක වැඩසටහන හොදින් නිරීක්ෂණය කරන්න.

                                                                       PIC 1

මෙහි මෙතෙක් සාකච්චාවට බදුන් නොකළ Statements එකක් පෙනේනවා ඇති.

int numOne,numTwo

මෙමගින් හැදින්වෙන්නේ අප විසින් පරිගණක මතකයන් , මතක ස්ථාන දෙකක් වෙන්කර ඇති බවයි.එම මතක ස්ථානයන් දෙකෙහි නාමයන් වනුයේ numOne හා numTwo ය.එසේම එම නාමයන් පරිගණක වැඩසටහන් කරුට අවශ්‍ය පරිදි ලියන බවද ඔබට මතක ඇති.

මතක නාමයන් බේදීමෙ සම්ප්‍රදානයන් මොනවාද?

අප මෙම මතක ස්ථානයන් වෙන්කිරීම සහ එයට නාමයන් දීම රූපාකාරයෙන්ද නිරුපනය කර ඇති අයුරු නිරීක්ෂණය කර ,එය වඩාත් පැහැදිලි කරගන්න.එසේම එම පරිගණක මතක නාමයන් දීම ක්‍රියාවලිය ආරම්බයේ int නමැති වචනය යොදා ඇති අයුරු නිරීක්ෂණය කරන්න.

Int යනු reserved /key word එකක්ද?

මෙමගින් වැඩසටහන්කරු පරිගණකයට දක්වන්නේ මෙකි වෙන්කරගත් මතක ස්ථාන සදහා අගයන් ලෙස අාංකයන්(numbers) දීමට අපේක්ෂා කරණ බවත් , ඒවා පුර්ණ සංක්‍ය(whole numbers) වන බවත්ය.

එසේම පුර්ණ සංක්‍ය නොවන , අාංකයන් නොවන වචනත් දත්තයන්ද(data) අපට දීමට සිදුවෙනවා නේද .මෙ පිලි දව සවිස්තරව ඉදිරියේ ලියන්නම්.එහෙත් මෙවැනි අාංකයන් ලැයිස්තුවක් ගොඩනගා ගැනීමට උත්සහ කර බලන්න.

නැවතත් අපබේ රූපසටහන වෙත අවදානය යොමු කළහොත් , මෙහි අප මතක ස්ථාන (Variables) දෙකක් වෙන කර ඇති බව ඔබට කිවා මතක ඇති.එසේ එකකට වැඩියේන් එකම ටයිේ එකට අයත්වන Variables වෙන්කිරීබම්දී එක මතක නාමයක් ඇතිතෙක් වෙන් කර ඇත්තේ ,(comma) නමැති separator එකකිනි.එසේනම් ඔබට එකකට වඩා මතක ස්ථාන වෙන් කිරීමෙදී කොමාව යොදා ගත හැකිය.එසේම එක මතක ස්ථානයක්ද වෙන්කර ගත හැක.පහතින් දක්වා ඇත්බත් ද තවත් ගනයක(type) මතක වෙන්  කිරීමකි.

Char ch1,ch2,ch3;

මෙහිදී මතක ස්ථාන 3 ක් char නමැති වර්ගයෙන් දත්ත ගබඩා කර ගැනීම සදහා වෙන කර ඇත.මෙසේ ඔබ විසින් යම් ගණයකට (type එකකට අදාල ව ) මතක ස්ථාන වෙන්කරගත් සැනින් ,යම් අගයක් එකී මතක ස්ථානයෙ ගබඩා නොකළහොත් ,නිරායාසයන් එකී මතක ස්ථානයන් හි යොදා ගන්න type එක අනුව යම් යම් අගයන් ඒවා වෙත යෙදෙන බව දැකිය හැකිය.මෙයට අප default අගයන් නිරායාසයෙන් ගබඩා වීම යයි කියමු.මෙතේක් දත්ත වර්ග /ගණයන් (data types) පිලිබදව අවබොදයක් නැතත් සටහනේ පුර්ණත්වය සදහා එක් එක් දත්ත වර්ගය සදහා ලැබෙන default අගයන් පහතින් සදහන් කරමු.

සියලුම අාංකයන්(Numerical) සහිත data types සදහා 0(zero) ද, අකුරු නොහොත් characters දත්ත වර්ගය සදහා ‘\0’ද,Boolean අගයන් ලෙස false ද, objects අගයන් සදහා null ද ඇතුලත් වේ.

 
Copyright © ~~~MyMiniProWorld~~~ මුදිත ධර්මසේන